expr:class='"loading" + data:blog.mobileClass'>

මෙන්න මගේ කතා බලන්න එන අය

Monday, January 21, 2013

ඈ දීගෙක ගියාය.....

                1991 එක වසරට මාව ගිහින් දැම්මා ඉස්කෝලෙකට.මොකක්ද ඒ ඉස්කෝලෙ. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශයට.(මොකෝ පුදුමෙන් ලන්නෙ.බ්ලොගේ මුල රිලා වානම්) ඉතිං ඔය ඉස්කෝලෙ අවුරුදු පහක්ම මං කෙල්ල දැහැමෙන් සෙමෙන් අකුරු කලා. (මොන දැහැමෙන්ද ඒ කාලෙ මං කොල්ලන්ට ගැහුවෙ සපත්තුව ගලවලා අරගෙන. :D ඒ කතා පසුවට). ඉතිං ඔය හිච්චිකාලෙ ඉස්කෝලෙ ඇරිලා මාව එක්ක යන්න තාත්තා එනකල්, ඉස්කෝලෙ ඉස්සරහ තියෙන ගහක් යටට වෙලා, තව මං වගේම එක්ක යන්න කෙනෙක් එනකල් බලා ඉන්න යාලුවොත් එක්ක, අයිස් පැකට් කකා, ස්ටිකර් අරගෙන ෆයිල් වල අලව අලව ඉන්නවා.

                 ඔහොම ඉන්න සෙට් එකේ එක ගෑණු ලමයෙක් හිටියා කලුයි,කෙට්ටුයි. ඒ පුංචි වයසටත් කොණ්ඩෙ දිගට වවලා. ස්කෝලෙ එන්නෙ කොන්ඩෙ කරල් දෙකක් ගොතලා නවලා,ඔලුව ලගින් ගැට ගහලා. ඒ දවස් වල රංචි වුහැටි මෙයාගෙ අක්කා මෙයාට සුදු නංගි කිව්වාම ඇයි මගෙ කලු අක්කෙ කියලා අහනවා කියලා :D (අක්කා සුදුයි ඈ)

               ඔහොම කාලෙ ගෙවිලා අපි ශිෂ්‍යත්වෙත් ලිව්වා ලකුණුත් ආවා. මට කොළඹ ලොකු බාලිකා පාසලකට යන්න තරම් ලකුණු තිබුනා.ගෙ යාලුවො හැමෝම ගෙ පොඩි පොඩි තෑගි පුලු පුලුවන් විදිහට දුන්නා. අර කලු, කෙට්ටු යාලුවා දුන්නෙ ඔටෝ ග්‍රාෆ් එකක්. මගෙ ජීවිතේ මුල්ම ඔටෝ එක තමා ඒ. ඒකෙ තමා මං හොස්ටල් එකේ ඉදලා අයින් වෙලා යනකොටයි, O/L කරලා සමු ගන්න කොටයි, කට්ටිය මගෙ වරුණාව ලිව්වෙ. ඉතිං පොළොන්රු ඉස්කෝලෙ අන්තිම දවසෙ හැමෝටම පොඩි සංග්‍රහයක් එහෙම දීලා. ප්‍රින්සිපල්, පන්ති භාර මිස් සහ පන්තියේ ඔක්කොම එකතු වෙලා ෆොටෝ එකක් එහෙමත් ගැහුවා.මේක ලියන්න කියලා හිතා ගත්ත වෙලේ ඉදලා ඒක හෙව්වා ඒත් ඒනෑ. කාට හරි පෙන්නන්න ඇල්බම් එකෙන් ගත්තා.දැන් ඒක මිසින්....:( හ්ම්.....

              මං කොළඹ ඇවිත් අවුරුද්දක් විතර යද්දි ගමේ දන්න ප්ලෑන් පු ගෙදර භාගෙට අටවගෙන අම්මලත් ආවා. කාලෙ ගෙවිලා ගියා. O/L වලට පස්සෙ A/L දෙපාරක් කරලා මං කටුබැද්ද ඉංජිනේරු පීඨයට තේරුනා.කට්ටිය අදුත්තා,සෙට් දා ත්තා.ඔහොදාත්සෙට් එත් එක්පලවෙනි වසරෙ පලවෙනි සෙමෙස්ටරේ විභාගෙට පාඩම් කරන්න මාත් ලයිබරියට පදිංචි වුනා.(පදිංචි වුනා වගේම තමා ඒකනම්.හොද තැනක් අල්ලගන්න හින්දා දොරවල් අරිනකොටම අපි එතන ආයෙ යන්නෙත් පල කියලා එලියට දැම්මාම)

               ඉතිං ඔහොම පාඩම් කර කර ඉන්න අතරෙ මගෙ යාලුවෙක් (කොල්ලෙක්) IT කරන යාලුවෙක් චැටක් දාන්ත්තා.ඒත් එක්කම මට පේනවා දැකලා පුරුදු මූනක්, ඒත් සයිස් එකනම් වැඩි වෙලා. හිකිස්.... දැලා පුරුදු මූනක් එකලු කෙල්ලෙක් එනවා කට පුරා හිනා වී ගෙන මේස දෙකක් අතර ඉඩෙන්. IT කරන කෙල්ලෙක් වගේ.ඒත් මූන නම් මගෙ පොළොන්නරුවෙ යාලුවා වගේමයි.ඒත් ඉතිං ෂුවර් නෑ නෙ. බැරි වෙලාවත් වෙන එකෙනෙක් එහෙම වුනොත්.ඒ නිසා මගේ යාලුවා ලව්වම ඇස්සෙව්වා ඔයා පොළොන්නරුවෙද කියලා.

           අම්මේ මේකි බය වුනාද කොහෙද, “ ඔව් ඔයා කොහොමද දන්නෙ” ඇහුවා.මමත් උත්තරේ එනකල් බලාගෙනනෙ හිටියා.පැනපු ගමන් ඇහුවා “ඔයා නිසුපා කියලා කෙනෙක්ව දන්නවද?” කියලා. පුදුම වෙලා වගේ ඇහුවෙ නැතෑ, “ඔව් දන්නව ඔයා එයාව දන්නවද?” කියලා. අනේ අම්මේ මං එච්චර වෙනස් වෙලාද ඒ කියන්නෙ. L වෙන්නත් එපෑ.මං ඒ දවස් වල කොල්ලා වගේ කොන්ඩෙ කපලානෙ හිටියෙ.”නිසුපා කියන්නෙ මං තමා.” අම්මෝ ඔන්න එතකොට ආපු හිනාව බලන්න එපෑ.”අනේ සොරි ඔයා ගොඩක් වෙනස් වෙලානෙ”. “ඔයානම් පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ.”මං කිව්වා.ඔන්න හි හී හිනාවක් පැන්නා.

                ඔහොම අවුරුදු එකොලහකට විතර පස්සෙ හම්බ වුන අපි දෙන්නා කැම්පස් එකේ යන එනකොට හම්බ වෙලා කතා කරන්න ගත්තා. එයාගෙ අනිත් පාර්ශවයත් එතකොට හම්බ වෙනවා.හප්පේ ඒකත් අපිටම හරියන පිස්සු විකාරයක් තමා.(තරහ වෙන එකක් නෑ කියලා හිතනවා) ආයෙත් අලුත් වුන ඒ යාලුකම ලස්සනට ගලාගෙන ගියා.බුකියෙත් යාලුවො වුනා.ඔහොම කාලෙ ගියාම අපි දෙගොල්ලොම අවුට් වෙලා රස්සාවල් වලට ගියා.රස්සාව කරන අස්සෙ තමා මං බ්ලොග් කියවන්න ඇබ්බැහි වුනේ.මෙලෝ සිහියක් නැතුව එක එක බ්ලොග් බල බල ඉන්නකොට මට අහුවුනා කවි,කතා,විචාර,කෑම වට්ටෝරු අච්චාරු තියෙන බ්ලොග් එකක්. පෝස්ට් ඔක්කොම ටික කියෙව්වා කවි ඇරෙන්න.

               කාලයක් තිස්සෙ පටන් ගන්න ඕනෙ ගගා ඉදලා මාත් බ්ලොගක් කියලා එකක් පටන් ගත්තා. පටන් අරන් ටික දවසකින් නිකමට වගේ ගියා මගෙ පොළොන්නරුවෙ යාලුවගෙ විස්තර බලන්න(මොකක් හිතිලද මන්දා).මෙන්න බොලේ මෙයත් බ්ලොගක් ලියනවා.ලින්කුව දිගේ ගියාම මං අර ආසාවෙන් කියවපු බ්ලොගේනෙ මේ.දැම්මා මැසේජ් එකක් 

hi hi
kohomada jeewithe?
pinibidu kiyala blog1 liyanne oya kiyala man dena gaththe lagakadine.
man eka kiyawa kiyawa hitiye goda kaleka idan.
math den blogak liyanawa.

හැරෙන තැපැලෙන්ම උත්තරේ ලැබුනා මෙහෙම.

ow ow eka liyanne mama thamaa. onna mama follow kara. comment kara. liyagena yana widihata kiyawanna asai ban. thawa kathawak daanna hode.

             ඔන්න මං මෙච්චර වටේ ගියේ කා ගැන කියන්නද කියලා දැන් හැමොටම තේරෙනවා ඇතිනෙ.

                 ඔව් අපේ පිණිබිදුව දීගෙක ගියා නේන්නම්.පොළොන්නරුවෙ සෙට් එක බලන්නත් එක්කම මං වෙඩිමට අනිවා යනවා කියලා හිටියෙ.ඒත් කෝල් කරලා වෙඩිමෙ දවස කිව්වාම තමා ඇඩුනෙ.එදාටම මගෙ කැම්පස් එකේ පළමු අවුරුද්දෙ සෙට් එකේ දෙන්නෙක් එකට එකතු වෙනවා.මාස ගානකට කලින් තමා කිව්වෙ. තිං ඒකට නොගිහින් බෑ නෙ.එහෙනම් හෝම් කමින් එකට වරෙන් කිව්වාම මඋඩින්ම කැමති වුනා.ඒත් මගේ අවාසනාවට ඒකට යන්නත් බැරි වුනා. සමාවෙයන් ලකියෝ….. 

          වෙඩිමට තියා හෝම් කමින් එකටවත් එන්න බැරි වුනාට,තෑග්ගක් දෙන්න බැරි වුනාට, මේක උඹට තෑග්ගක්ම වේවා කියලා හිතාගෙන ලියන්න ගත්තෙ.

සුභම සුභ යුග දිවියක් ලකියෝ…………………




ප.ලි. - පොළොන්නරුවෙදි යාලුවො වෙලා අවුරුදු ගානකට පස්සෙ මොරටුවෙ කැම්පස් එකේදි හම්බ වෙලා ආයෙ යාලුකම අලුත් කරගත්තා. ආයෙ ටිකක් ඈත් වෙන්න හදනකොට බ්ලොග් කියලා දෙයක් අපිව ලං කලා.අපි දෙන්නම දවසක් කතා වුනා මේකනම් හරි පුදුමයි බං පෝස්ට් එකක් දාන්න වටිනවා කියලා.ඒත් දෙන්නටම ඒක ලියන්න බැරි වුනා.ඉතිං මේ වගේ දෙයක් ලියන්න මීට වඩා හොද දවසක් නෑ කියලා හිතුනා.



Saturday, January 5, 2013

෴බනියාගේ පැතුම ඉටු වූ වගයි.෴

ඉස්සෙල්ලාම................... හැමෝමටම සියලු පැතුම් ඉටු වෙන සුභම සුභ ඉංග්‍රිසි අලුත් අවුරුද්දක් වේවා.දවස් පහයි තාම පරණ වෙලා තියෙන්නෙ.කකානම් විශ් කරලත් ගිහින් තිබුනා.අද තමයි ඒකත් දැක්කෙ. :D

Tuesday, October 2, 2012

නඩුත් හාමුදුරුවන්ගෙ,බඩුත් හාමුදුරුවන්ගෙ

    හෝව්ව්ව්ව්ව්ව්ව්.........................මේ කියන්න යන්නෙ පහුගිය දවස්වල ප්‍රසිද්ද අර ඇමති පුත්තරයගෙ කතාව එහෙම නෙවෙයි.ඕවා කතා කරන්න තරම්වත් හිතෙන්නෙ නෑ.අනේ මන්දා රටට මොනවා වෙයිද කියලා..හ්ම්....

   මේ මගෙ හොරු කතාවෙ ඉතුරු ටික. රවී අයියා මාව බය කරන්න හැදුවට පොලීසිය ගැන මේකෙ වැඩි කතාවක් නැහැ ඔන්න. :D


Friday, September 14, 2012

මෙන්න හොරු..

         අප්පේ මට බ්ලොග් එකක් කියලා එකක් තියෙනවා නේද? අමතකම වෙලා ගියානෙ.දැන් සතියෙ දවස් දෙකක් ඔෆිසියේ.ඒ දවස් දෙකේ නෝ ඉන්ට නෙට්.අනික් දවස් ටිකෙත් බ්ලොග් කියවලා.සයිට් එකේ වටයක් දෙකක් ගිහිල්ලා,කාලා බීලා එනකොට වෙලාව හරි.ඒත් ඉතිං එහෙමයි කියලා මේක අමතක කරලත් බෑ නෙ.මේ ඉවරයක් කරන්න යන්නෙ කාලයක් තිස්සෙ ලිය ලියා පරණ කරපු පෝස්ට් එකක්.

මං සෑහෙන කාලෙකට කලින් හොරු ගැන පෝස්ට් එකක් දැම්මනෙ. මේත් ඉතිං තවත් එක හොරු කතාවක්.

දිනය - 9.7.2012
වෙලාව - පස්වරු 2.30

         රීන් ගාලා මගෙ ෆෝන් එක රින්ග් වෙනවා.මෙන්න බොලේ ගෙදරින් කෝල් එකක්.කවදාවත් නැතුව මොකද මේ.

මම - හෙලෝ අම්මේ.....
අම්මා - මේ ඔයාගෙ වටිනා කියන දේවල් මොනවද ගෙදර තිබුනෙ.? (කලබලෙන් වගේ කතා කලේ)
මම - එහෙමකට කියලා දෙයක් නෑ.(මගේ ඉතිං එහෙමටයි කියලා දෙයක් නෑ නෙ වටිනා කියන.කනේ කරේ දාන්නෙත් ප්ලාස්ටික් කෑලිනෙ). ඇයි මොකෝ වෙලා තියෙන්නෙ.
අම්මා - ගෙදරට හොරු පැනලා.....
මම - මොකක්....???????
අම්මා - ඔව් ඔව්. මේ මං දැන් තාත්තට කතා කරන්න ඕනෙ.තියනවා.

             අපොයි පස්සෙනෙ මතක් වුනේ යාලුවො මට අරගෙන දුන්න පොඩි පෙන්ඩන්ට් එකක් තියෙනවා කියලා අල්මාරියෙ.අනේ ඒක ගෙනිහින්ද දන්නෙ නෑ.ආයෙ අම්මට කෝල් කරන්න හැදුවට හැම වෙලේම එන්ගේජ්.තාත්තට කතා කලා.අඩේ පුලුවන් තරම් ඉක්මනට ගෙදර යන්න කිව්වා.තාත්තාත් පිටත් වෙනවලු දැන්.අල්මාරි වල රෙදි ඔක්කොම බිමලු.අයියෝ අස් කරපල්ලකො ඉතිං.මදෑ රෙදි හෝදලා,වේලලා,නමලා ලස්සනට තියලා ආවා.දැන් අස් කරපල්ලාකො මුල ඉදලා ආයෙත්.:((((.





       හොරු ආවා කියපු ගමන් මගෙත් හිතත් යකාගෙ කම්මල වගේ වෙලා.ගෙනියන්න තරම් දෙයක් නැති වුනත් එක පාර බය හිතෙන ටිකක් සාදාරණයිනෙ නේද?දඩි බිඩි ගාලා ගත්තා බෑග් එක ලඟ හිටිය එකාට සිද්දිය කිව්වා.මැරතන් දුවන්න වගේ දුවන්න ගත්තා.හෆොයි.... සයිට් එක ඇතුලෙ ටිකක් දුර ගියාම තමා මතක් වුනේ යන්න මාරු සල්ලි නෑ කියලා.සයිට් එකේ කැන්ටින් එකෙන් ඇහුවත් නෑ කියපි.අන්තිමට වෙන කෙනෙක්ගෙන් අත මාරුවට සල්ලි ඉල්ලගෙන තමා යන්න වුනේ.


  බස් එකට නැගලා නගාට කෝල් එකක් ගත්තා.එයා ගියානෙ යාලුවෙක්ගෙ ගෙදර.ඒකත් වෙලාව.නැත්නම් මූ මොනවා කරගනියිද දන්නෙ නෑ.අනේ ඒකා මුකුත් දන්නෙ නෑ.ඌටත් ඉක්මනට ගෙදර යන්න කිව්වා.පවුලක් ලෙස  එකට ඉන්න එපෑ කරදරේකදි නැද්ද.

      මේ මල මගුල් බස් එකත් ගාටනවා.ඒ මදිවට ආමර් වීදියෙත් නවත්තගෙන ඉන්නවානෙ විනාඩි 10ක් විතර.එතකොට ඉතිං අවිස්සාවේල්ල බස් දෙකක් තුනක් ගිහින් තියෙයි.තවත් පරක්කුවක්.හප්පේ අර තියෙන්නෙ මීට කලින් ගිය බස් එක තාම නවත්තලා කලර් ලයිට් වල.බැස්සා ආපු එකෙන්.අනේ ඔන්න අර බස් එක යනවා.පුලුවන් උපරිමෙන් දුවලා පැන්නා යන බස් එකට.මදෑ ඉස්සුනා මදිනෙ. "දඩාස්".............................................

          නෑ නෑ වැටුනෙ නෑ වෙලාව හොඳ නිසා. :D කකුල ෆුට් බෝඩ් එකේ වැදුනා විතරයි.ඊළඟ පිම්මෙන් ඔන්න බස් එක ඇතුලෙ.පිටිපස්සෙ සීට් එකේ මිනිස්සු කන්න වගේ බලාගෙන ඉන්නවා.ඕන් මං නම් එයාලව දැක්කෙ නෑ ලු. ;) කකුල හීරිලා තිබුනා බලද්දි.ඕවානම් මොනවද.

    ඔහොම බාදා මැද්දෙ ගෙදර යනකොට මඟදි තාත්තා යනවා අපේ මාමා කෙනෙක් එක්ක පොලීසි.කෝල් කරලා කිව්වට මොකෙක්වත් ඇවිත් නෑ.ඔක්කොටම හපන් මං මේ දෙමෝලෙන් පිටි කොටන්නා වගේ ගැහි ගැහී යද්දි අපේ තාත්තා වෙනද වගේම ෆුල් සොමියෙ.නැති වුනේ මොනවද කියලා දන්නෙත් නෑ"බලන්නකො චූටි දූ මේ හොරා ගේ ඇතුලෙ රවුම් ගහලා තියෙන්නෙ කඩලා තිබුන රඹුටන් ටිකටත් වැඩේ දිදීනෙ.ඌ අපිට පින් දිදී කන්න ඇති. හෙ හෙ හෙ..... මේ අපි යනවා එහෙනම්.පොලීසිය එනකොට මං කෝල් කරන්නම්"




   ගෙදර යනකොට බාප්පගෙ භාර්යාවයි,පුතණ්ඩියයි අපේ ගෙදර. අම්මයි,නංගියි ත් එයාලා එක්ක කයිය.අලේ ඒ දෙන්නත් අර ඉන්නෙ සොමියෙ.කවුරු හරි දැක්කානම් හිතයි හොරු පැනලා තියෙන්නෙ අපේ අල්ලපු ගෙදරට කියලා.:)))) බැලින්නම් රත්තරන් බඩු ටික බැංකුවේ,ගෙදර සල්ලි තිබිලා නෑ.හැබැයි මගේ යාලුවො දීපු පෙන්ඩන්ඩ් එකයි,තව තෝඩු දෙකකුයි නම් මිසින්.

  ගේ පුරා පොඩි සර්ච් පාරක් දැම්මා.හපෝ රෙදි ටික කඳු කඳු ගහලා බිම.මගේ පරණ ලැප් කට්ටත් එලියට ඇදලා.හොරාටත් තේරිලා ඒක වැඩක් නෑ කියලා.තාත්තගෙ පරණම පරණ කැමරා වගයක් ලස්සනට වගේ එලියෙ තියලා තිබුනා.ඒවත් එහෙමම.වෙන එකක් තියා ඩිජි කැම් එකත් යස අගේට තියෙනවා.ගේ පුරාම රඹුටන් ලෙලි.වැස්සට ඉහලගෙන ආපු කුඩේ කඩාගෙන ආපු ජනේල ගාව.ජනේලෙන් ඇතුල පැනපු තැන මඩ අඩියක්. එලියෙ ටැංකිය ගාව ලිස්සපු අඩි පාරක්.ශුවර් එකටම අම්මා අපු පාර බය වෙලා දුවලා.

    ඔන්න දැන් තමා අම්මගෙන් කතාව අහගන්න පුලුවන් වුනේ.අම්මා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඔනකොට අපේ බලු තඩියා එලියෙ ඉදලා.අම්මා ඉතිං ඌත් එක්ක කතා කරලා එහෙම යතුර හොයා ගෙන දොර ඇරලා.දොර ඇරපු ගමන් අපේ කෑම කාමරේ පේනවා.අම්මට හිතිලා තියෙන්න කලින් දවසෙ ඇරපු ජනේලෙ වහලා නෑ කියලයි.ටිකකින් තමා තේරිලා තියෙන්නෙ යකෝ කෝ ග්‍රිල් එක කියලා.ඔන්න එතකොට තමා මීටරේ වැඩ කරලා තියෙන්නෙ හෙට හොරු පැනලා කියලා.පිලිවෙලින් කාමර ටික බලාගෙන ගිහින් කුස්සියෙන් ගෙයින් එලියට බැහැලා කඩපු ජනේල ගාවට ආපු අම්මා අපේ පල්ලෙහා ගෙදර අයට කතා කරලා.

  ඊට පස්සෙ ඉතිං අහළපහළ අයත් ඇවිත් පශ්චාත් පරීක්ෂණ එහෙම පවත්වලා තමා තාත්තට නිවුස් දීලා තියෙන්නෙ.මං එනකොටනම් ගම මැද්දෙ ඉන්න නෑයොත් ඇවිත් ගිහින්.ඕපා දූප ටික මට මිස් වෙලානෙ. :D අන්තිම නිගමනේ තමා අම්මා ගෙට එන සද්දෙ ඇහිලා බය වුන හොරා

  ඔන්න තාත්තත් එක්කම පොලීසිය ආවා.සිවිල් පිට හයදෙනෙක් විතර ආවා.ඔන්න එතැන් සිට කතාව දෙබසින්.

පොලීසිය - කෝ කොහෙන්ද ගෙට ඇවිත් තියෙන්න?
අම්මා - අර තියෙන්නෙ අර ජනේලෙන් තමා ඇවිත් තියෙන්නෙ.
පොලීසිය - ග්‍රිල් එකත් ගලවගෙන ඇවිත් තියෙන්නෙ.මොනවද ගෙනිහින් තියෙන්නෙ.(ගේ ඇතුලෙ රවුමක් යන ගමන්)
තාත්තා - ලොකු දුවගෙ පෙන්ඩන්ට් එකකුයි,තව පොඩි තෝඩු දෙකකුයි.
පොලීසිය - පවුම් කීයද පෙන්ඩන්ට් එක.
මම - දන්නෙ නෑ යාලුවො ගෙනත් දුන්නෙ.
පොලීසිය - බලමු ගිහින් ජනේලෙ ගාව. (ජනේල ගාවට ගේ වටෙන් ගිහින් රඹුටන් ගස් දැක) කෝ මේ කෙක්ක? ආහ් මේ තියෙන්නෙ.
පොලිසීයෙ ලොක්කා - අන්න අර ගෙඩිය කඩා දෙන්න.ඒක හොදට ඉදිලා.(ජනේලෙ දිහාත් සුට්ටක් විතර බලලා)මෙහෙ තීන්ත ගාන්න එහෙම කවුරුත් ආවද?
තාත්තා - අනේ නෑ අපිමනෙ තීන්ත ගෑවෙ.
පොලීසිය - හ්ම්... එතකොට රඹුටන් කඩන්න කවුරුත් ආවද?
නංගි මට හෙමින් - ඇයි අර මංජු මාමා ආවෙ. (මංජු මාමා කියන්නෙ අපේ ගෙදර වඩු වැඩ කරන්න එන අපට හිතවත් වඩු මහතෙක්.ගෙදර කවුරුත් නැහැ කියලා හිතලා දවල් වරුවක ඇවිත් රඹුටන් කඩාගෙන ගිහින්.නංගී ගේ ඇතුලෙ ඉදන් බලන් ඉදලා.තව ටිකෙන් පොලීසියෙන් හොද සංග්‍රහයක් හම්බ වෙනවා.:D )
මම - පිස්සුද මංජු මාමා එහෙම කරනවයෑ.
පොලීසිය - කවුද ඒ???? (මදෑ ඇහිලා)
තාත්තා - නෑ නෑ ඒ අපි දන්න කෙනෙක්. එයා එහෙම කෙනෙක් නෙවේ.(වෙලාවට ඒක පිළිගත්තා)

      මේ වෙනකොට අපේ රඹුටන් ගස් වලින් ගෙඩි පනහක් හැටක් පොලිසි අන්කල්ලගෙ බඩේ(හෝව් වැරදුනා අයියලත් හිටියනෙ) මදෑ වුන දේ ගේ ඇතුලෙ තිබුන ඒවට හොරා වැඩේ දුන්නා.ගහේ තිබ්බ ඒවට පොලීසිය වැඩේ දුන්නා.කාට කියන්නද මේ දුක.

පොලීසියෙ ලොක්කා - මේ, මේ මහත්තයලව පොලීසියෙ රස්තියාදු නොකර මෙහේදිම පැමිණිල්ල ලියාගෙන යමු නේද? (කොහොමද රඹුටන් වල බලේ)

   ඔය වෙනකොට අම්මාතාත්තාගෙයි,නංගිගෙයි,මගෙයි විස්තර පස් පාරක් විතර අහලා.

    යන්න හදනකොට තමයි පොලිස් මාමලට කුඩේ මතක් වෙන්නෙ."ආහ් අපි කුඩේ අරන් යන්නම්. ඔය ෂුවර් එකට කුඩු කාරයෙක් වෙන්න ඇති.අපිට දවස් දෙක තුනක් දෙන්නකෝ."

අනේ මන්දා ඒ දවස් දෙක තුන තාම ගෙවෙනවා..... :D

කතාව දිග වැඩි වුනා.මේ කතාවෙන් කියන්න ඕනෙ වුන ටික කියන්න තව පෝස්ට් එකක් දාන්න වෙයි වගේ.කමක් නෑ එතකල් පසුබිම් කතාව කියවලා අදහසක් ගන්නකෝ.පුලුවන් ඉක්මනට ඒකත් දාන්නම්.



Thursday, August 9, 2012

෴අනතුරු෴

       ලියන්න හිතාගෙන හිටියෙ එකක්.දැන් ලියන්න යන්නෙ වෙන එකක්.මේකට වග කියන්න ඕනෙ මගෙ නින්ද. වෙනදට බස් එකට නැගලා ටිකට් අරගත්තාට පස්සෙ ශටර් එකට ඔලුව තියාගත්තා.හොදට දොයි.සැරින් සැරේ ඇහැ ඇරලා බලනවා ආයෙ දොයි ඊළඟට නැගිටින්නෙ බහින්න හෝල්ට් දෙකකට විතර  කලින් තමා.ඒත් මොකක්දෝ කරුමෙකට මට ඊයෙ නින්ද ගියේ නෑ නොවැ.ඒකෙන් වුනේ අතර මගදි මාර්ග අනතුරු දෙකක්ම දැක බලා ගැනීමෙ වාසනාව උදා වුන එක.

Friday, July 13, 2012

෴පොඩි පොඩි කතා ටිකක්෴

           නොදැනීම මාසයක් ගෙවිලා ගිහින්.ජූලි මාසෙට මෙලෝ පෝස්ට් එකක් ලිව්වෙ නෑ.ලියන එක එපා වෙලා වගේ.බ්ලොග් කියවලා විතරක් නතර වෙන්න හිතිලා.නිකමට සැක හිතලා බ්ලොගේ අතීතෙ දිහා බැලුවාම යකෝ ගිය අවුරුද්දෙ ජූලි මාසෙ මං නුකුත් ලියලා නෑ.බලා ගෙන යනකොට මගෙ නෙවෙයි වරද මාසෙ.

Monday, May 14, 2012

ආදර ඔබා මාමේ......

                                 ඊයෙ හවස අහම්බෙන් නංගි ඔන්ලයින් ගිහින් ඉන්න වෙලාවෙ එතනට ගියාම බ්ලොග් රෝලෙ උඩින්ම දැක්කෙ අඩවි රජාගෙ පෝස්ට් එක.ශුවර් එකටම විහිලුවක් වෙන්න ඇති කියලා හිතුවට ඊට පහල බ්ලොග් පෝස්ට් එකත් එහෙමම දෙයක් කියලා මාතෘකාව දාලා තිබුන නිසා මගෙ කටින් ඉබේම පිට වුනේ "ඈහ් ඔබා මාමා නැති වෙලාද?" කියන එකයි.නංගි දුන්න උත්තරේ වුනේ "ඔව් ඇයි ඔයා දන්නෙ නැද්ද ?"කියන එකයි.ඒ වෙලාවෙ හිතට දැනුනෙ මහම බර හැගීමක්.හරිම මූසල හැගීමක්.ලඟින්ම හිටපු කෙනෙක් නැති වුනාම හිතට දැනෙන හිස් බවක්. කවදාවත් දැකලා නැති,කතා කරලා නැති කෙනෙක් ගැන මෙච්චර බැදීමක් කොහොම ඇති වුනාද මන්දා.අන්ක්‍ර්ජාලයේ බ්ලොග් හරහා ඇති වුන ඒ බැදීම මෙහෙම ඇති වුනා කියන්න බෑ. 

                              මේ ශොක් එකත් හිතා තියාගෙන ගිහින් අම්මට කිව්වෙ "අම්මෙ අනේ අපේ බ්ලොග් ලියන කෙනෙක් නැති වෙලා." කියලා.අම්මා ඇහුවා "මක් වෙලාද?" කියලා.ඒ වෙනකොටත් ඔබා මාමා අපිව දාලා ගියේ මොන හේතුවක් නිසාද කියලා මං හරියටම දැන ගෙන හිටියෙ නෑ.ඉතිං මගෙ උත්තරේ වුනේ "වයසට වෙන්න ඇති" කියලයි.බ්ලොග් කියන දේ ගැන වැඩි දැනුමක් නැති අම්මා "මං හිතුවෙ මේ බ්ලොග් ලියන කෙනෙක් කිව්වාම ඔයාලගෙ වයසෙ විතර කෙනෙක් කියලා."කිව්වාම මං හිතුවෙත් ශරීරය මොන තරම් වයසට ගියත් ඔබා මාමගෙ හිත අපි තරම්ම සමහර විට අපිටත් වඩා තරුණයි නේද කියලා.

                               ඔබා මාමාව හම්බ වෙන්න තිබුන එකම චාන්ස් එකත් මිස් වුනා.දැන් ඉතිං පරක්කු වැඩියි.:(((

                                  වැඩිය අටුවා ටීකා ඕනෙ නැහැ.මොකද මේ බ්ලොග් අවකාශයම ඔබා මාමා මොන වගේ කෙනෙක්ද කියන්න දන්නවා.මේ වගේ වෙලාවක වෙන පෝස්ට් එකක් දාන්න හිත දුන්නෙ නෑ මාමෙ ඔබව සිහි නොකර.......

නිවන් දක්නා තෙක්ම අපි අතරම ඉපදිලා අපිව හිනස්සලා,ඔවදන් දීලා යන්න හේතු වාසනා වේවා මාමේ.අවසන ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් නිවන් දකින්නට ලැබේවා......


කිසියම් පින්කමක් ඔබා මාමා වෙනුවෙන් සිද්ද වෙනවානම් දන්වන්න. එන්න උපරිම උත්සාහයක් යොදනවා.

Friday, May 4, 2012

මෙන්න මේකයි සිද්දිය.....

                              අම්මෝ....සෑහෙන කාලයක් ගිහින් මේ පැත්තට ආවෙ.කලින් පෝස්ටුවේ එකම එක කමෙන්ටුවකටවත් ප්‍රති උත්තරයක්වත් දුන්නෙ නෑ නෙ.එන්නම ඕනෙයි කියලා පුල පුලා බලා සිටි සයිබර් සැනකෙලියටවත් යන්න වුනේ නැති හැටි.චික් විතරක්. ඒ මොනවා වුනත් එන්න සිද්ද නොවුනේ පිං අතේ වැඩකට සූදානම් වුන නිසා හින්දා හිතේ කහටක් නම් නෑ.සෑහෙන කාලයක් තිස්සෙ කොහොමහරි දෙන්න ඕනෙ කියලා පුල පුලා බලාගෙන ඉදපු දෙයක්.සාංඝික දානයක්, අප්‍රේල් 21 වෙනිදා දුන්නා.

Wednesday, April 4, 2012

෴රෑ වැලපෙන භූතාත්ම෴

              ඊළඟ පෝස්ට් එක විදිහට  හති දාගෙන ටයිප් කලේ කක්කි කතාවක් වුනත් අද උදේ මේ සිද්දිය ඇහුවාම පමා නොකර කොටලා දාන්න ඕනෙ කියලා හිතුනා.මේ සයිබර් අවකාශයේ ඇති තරම් හොල්මන් කතා තියෙනවා.මගෙත් කාලයක් තිබුනා ඕනෑවටත් වඩා හොල්මන් ගැන හිතේ තියාගෙන බය වුන.පස්සෙ කාලයක් ආවා අපොයි ඔය බොරු කියලා හිතපු.දැන් නම් හිතන්නෙ මොනවා කිව්වත් අපි නොදකින ලෝකය හරිම ලොකුයි කියලා.අද අහන්න සිද්ද වුන කතාවත් ඒක ඔප්පු කරන්න සාධකයක් වගේ.

Friday, March 23, 2012

නීලා මිස් සමඟ මගේ මතක....

            අභීත අයියගෙ මේ පෝස්ට් එක දැක්කාම මගෙ හිත අතීතයට ඇදිලා ගියා.පුංචි කාලෙ පෝලියෝ ඇඩ් එක ටී.වී.එකේ දකිනකොට හිතුනෙ "අනේ මෙච්චර ලස්සන කටහඩක් තියෙන,ලස්සන කෙනෙකුට ඇයි මෙහෙම දෙයක් වුනේ" කියලා.හරි දුකක් ඒ වෙලාවෙ හිතට දැනුනත් නීලා කියන ගායිකාව මනසින් වැටිලා නෑ කියලා ඒ කාලෙත් තේරුන නිසා හිත ටිකක් හැදුනා.සංගීත ප්‍රසංගයකදි වුනත් අනික් හැම ගායක ගායිකාවක්ම වේදිකාවට නගින හැටි පෙන්නුවත් කවදාවත් නීලා වික්‍රමසිංහ ගායිකාව වේදිකාවට නගින හැටි පෙන්නලා නෑ.




          ඒත් නීලා වික්‍රමසිංහ කියන ගායිකාවගෙ,කාන්තාවගෙ පෞර්ෂත්වය හරියටම දකින්න පුලුවන් වුනේ ශිෂ්‍යත්වෙ පාස් වෙලා අගනුවර ප්‍රසිද්දම බාලිකා පාසලකට ඇතුලත් වෙන්න හම්බ වුනාට පස්සෙ.හය වසරෙ ටික දවසක් යද්දි ඒ කාලෙ විදිහට අපිට සිද්ද වුනා සෞන්දර්ය විෂය තෝර ගන්න.පොළොන්නරුවෙ හිටපු කාලෙ ඉදලා සංගීතය ජීවිතේ කොටසක් කර ගත්ත මට ආයෙ හිතන්න දෙයක් තිබුනේ නෑ.පෙරදිග සංගීතය කරන්න ඉස්කෝලෙ ඒ වෙනකොට මිස්ලා දෙන්නෙක් හිටියා;උදේනි මිස් හා නීලා වික්‍රමසිංහ ගායිකාව,අපිටනම් නීලා මිස්.මං හරිම ආඩම්බර වුනා ඒ ගැන.

                     මොනවා වුනත් මට මිස් යටතේ ඉගෙන ගන්න වාසනාව නැති වුනා.ඒත් සමහර පාසල නියෝජනය කරන සංගීත වැඩ කටයුතු වල පුහුණුවීම් කරන්න නීලා මිස් යටතේ වැඩ කරන්න මට අවස්තාව ලැබුනා.ඒකත් වාසනාවක් මටනම්.

                         තමුන්ම කාර් එක එලවගෙන පාසලට එන නීලා මිස් හැම කෙනාටම ප්‍රිය උපදවනවා.පිළිවෙලට අදින ඔසරිය,දේදුනු වගේ දෙබැම,පාට කරපු දෙතොල් වෙන ඕනෙ ගෑණු කෙනෙක් වගේ හැඩට නීලා මිස් ඇන්දා පැලැන්දා.ගායිකාවක් කියලා ලොකුකමක්නම් ගෑවිලා තිබුනෙවත් නෑ.පාසලේ ලොකුම සංගීත කාමර වෙන් වෙලා තිබුනෙ නීලා මිස්ට.ඒත් ඒ කාමරයට යාබදව වැසිකිලි පහසුකම් තිබුනෙ නෑ.


                  ඉතිං හැදාම විවේක කාය ර වුන න්ම න පීරිඩ් ක නීලා මිස්ට ෆ් ක්ම් මිස් කෙලින්ම න්නෙ පේ දේනි මිස්ගෙ කාට.ට යාද වැසිකිලික් තිබුනා. ය ගේ කොට හුක් වෙලාවට අපිට මිස්ව හම්බ වෙනවා. මොද හුක් වෙලාට පි  සංගීය තිබුනෙ විවේය ර වුන න්ම.හොද හිනාක්  දාගෙන පේ මිස්ත් විහිලුක් ගෙන මා මිස් න්නෙ.දේ ගා ගෙන පුවා පු පාක් ලුත් ගෙන මේ දැන් ගෙරින් ලිට බැස්සා ගේ මා මිස් ලිට න්නෙ.


                           මිස් නිසා මං ලබපු අමතක නොවෙනම අත්දැකීම ලැබුවෙ 1997 සමස්ත ලංකා තරඟ නිසා.වැඩිපුර දක්ෂ කම නොතිබුනත් සංගීතය කිව්වාම පැනලා ඕනෙ දේකට යන නිසාම සමූහ ගායනා,වාදන අවස්තා දෙකටම මට සහභාගී වෙන්න අවස්තාව ලැබුනා.ම වාදනය කලේ තාලම්පට.තාලය ඇඟේ තියෙනවානම් ඕක වාදනය කරන එක මහ ලොකු දෙයක් නෙවෙයිනෙ ඉති.අපි වාදනය කලේ එක එක ජනගී ගොඩක් එකතු කරලා.මට තියෙන්නෙ ඉක්මනටම ඒ ඒ තාලය සපයන එකයි.සුපුරුදු පරිදි දවසක් හවස පුරුදුවීම් තියෙන දවසක්.වාදනය ගලා ගෙන යනවා.ම වෙන සිහියක.වෙන සිහියක හිටියත් හිමීට තාල් මාරු කරන්න පුලුවන් මට.ඔහොම ගිහින් වාදනේ එක පාර ඉවර වුනා.වෙන සිහියක හිටපු මං තාම තාලම්පට ගහනවා.එදානම් මදි නොකියන්න මිස්ගෙන් අහගත්තා :)).අම්මෝ..... මිස්ගෙ සැර.ඊට පස්සෙනම් මං අසිහියෙන් වාදනය කරලා නෑ.


              තරඟෙ දවසෙ අපේ සහෝදර බාලිකා පාසලක් පොල් ගෙඩියකුත් අතට අරගෙන නැටුම් අංගයක් ඉදිරිපත් කලා.නැටුම ඉවර වුනාට පස්සෙ අර පොල් ගෙඩි ටික ගල් වල ගහලා බිදලා එයාලම කෑවා.ඒ වෙලාවෙ ඒකට අප්‍රසාදය දක්වපු මිස් කිව්වෙ ඒ වැඩේ වස් වදින වැඩක් බවයි.ඒත් ඒ අය තමා නැටුම් අංග වලින් එදා පළවෙනියො වුනේ.


                               ඊලඟට මිස් එක්ක මතක හිටින වැඩකට සහභාගී වුනේ "සාගර දිනය" ට.ධීවර අමාත්‍යාංශය බාර දීපු වැඩක් තමා ඒක.හරිම අඩු දවස් ගණනක් තමා අපිට පුහුණුවීම් කරන්න වුනේ.ඒත් මට නම් තාම අපි කියපු ධීවර ගීතය මතකයි.


ධීර ධීවර ශක්තියයි අපි
දේශයේ නව ජීවයි අපි
සාර සාගර දියඹ දිය බිඳ
ඉසුරු සම්පත රැගෙන එන අපි


                        ඔන්න ඔහොමයි ගීතය පටන් ගත්තෙ.අපි ගායනා කරනවා බලන්න ආපු  ධීවර අමාත්‍යාංශයෙ නිලදාරියානම් අපේ ගායනය ගැන සෑහීමකට පත් වුනේ නෑ.ඒ වෙලාවෙ තරහ ගිය මිස් කිව්වෙ "මෙච්චර අඩු කාලෙකින් පුරුදු වෙලා මේ ලමයි ඔහොම කියනවා මදැයි" කියන එකයි.අපිත් එක්කම  සංගීත වැඩ වලට මිස්ගෙ අක්කගෙ දුවත්  සම්බන්ද වුනා.අපේ පන්ති වලම උන්නු එයාටයි අපිටයි වෙනස් විදිහට සලකන්න මිස් කවදාවත් පෙලඹුනේ නෑ.


ඉතිං ආදරණීය ගුරු මවුනි මගේ ප්‍රාර්ථනය ඔබට නිදුක්,නිරෝගී සුවයයි. දීර්ඝායු වේවා......

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...